Translate

ශ්‍රි ලංකා‍වේ ගංගා වල ‍තොරතුරු

                                                             
ශ්‍රි ලංකා‍වේ ගංගා වල ‍තොරතුරු(Information on rivers in Sri Lanka)
                        

                            

    river 

 image from visitflorida.com

       ගංගාවක් යනු උස් බිම් ‍පෙ‍දෙසක සිට පහත් බිම් ඔස්සේ ගලාවිත් මුහුදට වැ‍ටෙන ජල පහරයි.ශ්‍රී ලංකා‍වේ ගංගා ‍බො‍හෝ ප්‍රමාණයක් ඇත.ආසන්න වශ‍යෙන් 100 ක් පමණ ඇත (‍බො‍හෝ විට ඊට වැඩි විය හැක.)ගංගාවල් ගලා බසින ආකාරය අනුව ප්‍රධාන ආකාර 4 ක් ඇත.

        1. ජලාකාර
        2. ශාඛීය
        3. වලයාකාර
        4. සවිරාම                                    

ජලාකාර

 ප්‍රධාන ගංගාවට සෘජු‍කෝණාස්‍රාකාර රටාවක් අනුව අතු ගංගා එක් වීම ජලාකාර ‍වේ.

 ශාඛීය

 ප්‍රධාන ගංගාවට ගසක ශාඛා විහිද ඇති ආකාරයට අතු ගංගා එක් වීම ශාඛීය නම් ‍වේ.

 වලයාකාර

 කන්දක් ‍හෝ පර්වතයක් වටා කවයක් ‍හෝ අඩ කවයක් ආකාර‍‍යෙන්  ගලා යන ගංගා වලයාකාර නම් ‍වේ.

සවිරාම

 විටින් විට  ‍පො‍ළොව මතු පිටින් සහ ‍පො‍ළෙ‍වෙ යටින් ගලා යන ගංගා සවිරාම ‍වේ.

  •  කුඩා දිය පහරවල් හා උල්පත් එකට එකතු වී‍මෙන් ගංගා සෑ‍දේ.ශ්‍රී ලංකා‍වේ දිගම ගංගාව‍ මහවැලි ගඟ ‍       වේ.එහි දිග කි.මී. 340 ක් ‍වේ.
  •  ලෝක‍යේ දිගම ඟ නයිල් ‍වේ.එහි දිග කි.මි. 6671 ක් ‍වේ.
  • ලෝක‍යේ විශාලම ඟ ඇ‍මෙසන් ඟ ‍වේ.එහි දිග කි.මී. 6280ක් ‍වේ.

 ගංගා කිහිපයක් පහත දක්වා ඇත.

 ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා

  1. මහවැලි
  2. කැලණි
  3. වළ‍වේ
  4. කළු

ශ්‍රී ලංකාවේ අනෙක් ගංගා

  • නිල්වලා ඟ‍                                              
  • බෙන්තර ඟ                                             
  • මාදුරු ඔය                                                 
  • ගල් ඔය                                                 
  • ගිං ඟ                                                       
  • මැණික් ඟ                                                
  • කිරිඳි ඔය                                                  
  • අඹන්
  • දැදුරු ඔය
  • මහ ඔය
  • කලා ඔය
  • හැඩ ඔය
  • මල්වතු ඔය
  • කනගරායන් ඇරු

 වෙනත් රටවල ගංගා

  •  නයිල්                               
  • ඇ‍‍‍‍මෙසන්
  • ගංගා නම් 
  • කහ 
  • යමුනා නදිය                                        
  • මිසිපිපි 
  • යුප්‍රටීස්හ
  • පටිස්  


ගංගා කිහිපයක් පිළිබද තොරතුරු 
       
 

මහවැලි

     ශ්‍රී ලංකා‍වේ දිග ම ඟ ‍මෙයයි.‍මෙහි දිග කි.මී.340 කි.‍මෙම කන්ද  සමනල කන්දෙන් ආරම්භ‍ ‍‍වේ.‍මෙම ‍ගෙන් වසරකට ඇදී යන ජල ප්‍රමාණය අක්කර අඩි 6,400,000පමණ ‍වේ.‍මෙය පැරණි ‍පොත් ලියා ඇත්තේ මහකනදරා ඟ යන්නයි.මෙම ගංගාව මුල් කර ‍ගෙන ‍බො‍හෝ ගංගා නිර්මාණය වී ඇත

  • දුලු ඔය
  • ‍ලොග්ගල ඔය
  • උමා ඔය
  •  සුදු
  •  බෙලිහුල් ඔය
  •  හසලක ඔය
  • උල්හිටිය ඔය    ඒවාට උදාහරණ   කිහිපයකි.

            මහවැලි ඟ ආශ්‍රිත ව මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ වී ඇත.ඒ සදහා මහවැලි ග‍‍ගේ ජලය ප්‍රයෝජනයට ‍ගෙන ඇත.‍මෙම  ත්‍රිකුණාමලයෙන් මුහුදට බසී.

 කැලණි

       කැලණි ග‍ගේ දිග කි.මී. 145ක් පමණ ‍වේ.‍මෙම ගංගාව ආරම්භ වී ඇත්තේ සමනල කන්ද මුදු‍‍නේ සිට ය.‍වසරකට අක්කර අඩි 7,019,000 ක් පමණ ඟ කරා එකතු ‍වේ. එ‍හෙත් මුහුද ගලා යන්‍‍නේ ඉන‍් 64% කි.‍මෙය ශ්‍රී ලංකා‍වේ පළල් ම ඟ ‍වේ.කැලණිතිස්ස තාප බලාගාරයට ජලය ගනු ලබන්නේ කැලණි ග‍ගෙනි.ලක්ෂපාන ජල විදුලි බලාගාරයට ජලය සැප‍‍‍යෙන්‍‍නේ ‍මෙම ග‍ගෙනි.

 වළ‍වේ ගඟ

    මෙම ගඟ ආරම්භ වන්‍‍නේ ද සමනල කන්ද මුදු‍නෙනි.‍මෙහි දිග කි.මී. 137 කි.‍මෙම ගඟ මුහුදට වැ‍ටෙන්‍‍‍‍නේ අම්බලන්‍තොට ප්‍රදේශ‍‍යෙනි.විවිධ ජලාශ සදහා ද,විදුලි බලාගාර සදහා හා වගා කටයුතු සද‍හා ‍මෙයින් ජලය ලබා ගැ‍‍නේ.

 කළු ගඟ

     මෙම ග‍ගේ දිග කි.මී. 140කි.‍මෙම ගඟ ආරම්භ වන්‍‍‍නේ සමනල කන්‍‍ද මුදු‍නෙනි.‍මෙම ගඟ වාර්ෂික  ධාරිතා‍වෙන් ශ්‍රී ලංකා‍වේ ‍‍දෙවැනි තැන ගනී.‍මෙම ගඟ කළුතරින් මුහුදට  වැ‍ටේ.‍

 නිල්වලා ගඟ

     මෙම ගංගාව ආරම්භ වන්‍‍නේ ‍ගොන්ගල කදු වැටි‍යෙනි.‍මෙහි දිග කි.මී. 81 කි.මාත‍ර තොටමුණ ප්‍රදේශයෙන් ‍මෙය මුහුදට ගලා බසී.මෙම ගග නිතර ජල ගැලීම්වලට ලක්වන නිසා මෙය පාලනය කිරීම සදහා මෙහි පොම්පාගාර පද්ධතියක් සහිත ජල ව්‍යාපෘතියක් පවත්වාගෙන යයි.

 බෙන්තර ගඟ

      මෙම ගඟ හිනි දුම හා සබරගමුව කදු වැටිය ආශ්‍රිතව ගලා එයි.මෙහි දිග කි.මී. 73 කි.බෙන්තොටින් මෙය මුහුදට බහී.මෙම ගඟ විශාල වශයෙන් ලාභ ලබයි.ඒ  සංචාරක හෝටල් නිවාඩු නිකේතනෙ,බෝට්ටු ව්‍යාපාර යන ඒවා නිසා වේ.මෙම ප්‍රදේශය දේශීය මෙන් ම විදේශීය ජනයාගෙන් ද පිරී පවතී.ඊට හේතුව වනුයේ බෝට්ටු සවාරි,අලංකාර දේශීය භාණ්ඩ විකිණිම වැනි දේ නිසාය.

 මාදුරු ඔය

      මෙම ගඟ ආරම්භ වනුයේ පොළොන්නරු දිස්ත්‍රික්කයෙනි.නමුත් අවසාන වනුයේ මඩකළපුව දිස්ත්‍රික්කයෙනි.මෙම ගංගාව මණ්ඩු ආරු හා මන්දූර් ආරු යන නම් වලින් හදුන්වයි.මෙහි දිග කි.මී. 108 කි.මෙය මුහුදට බහින්නේ කල්කුඩා නගරයෙනි.මෙය මුහුදට වැටෙන ස්ථානය හැදින්වෙන්නේ කිරාන් යන නමිනි.උල්හිටිය ජලාශය,දම්බරාව වැව,වාකනේරි වැව,රත්කිඳ වැව,පිඹුරත්තෑව වැව ‍මෙම මාදුරු ඔය ආශ්‍රිත ව ජලය පවත්වා‍ගෙන යනු ලබන වැව් හා ජලාශ කිහිපයකි.පූනානි වන රක්ෂිතය පිහිටා ඇත්තේ ‍මෙම ඔය ආශ්‍රිතවය.

 ගල්ඔය

       මෙම ඔය බිබිල ප්‍රදේශයේ ඇති කඳුවැටි වලින් ආරම්භ වී නිග්ගල මැදින් ගලා යයි.‍මෙහි දිග කි.මී. 108 කි.‍මෙය මුහුදට වැ‍ටෙන්නේ ඕලුවිල් නම් ස්ථානය අසලිනි.අතීතයේ ‍මෙම එය විශාල වශ‍යෙන් දියුණු ලබා ‍ගෙගන තිබූ බවට සාක්ෂි හමු වී ති‍බේ.නමුත් පසුව වල් බිහි වී තිබූ ‍මෙය මිනිස් භාවිතයට නැවත ගත්තේ ‍සේනානායක සමුද්‍රය(‍මෙය වැවකි.) හා තවත් වැව් ප්‍රතිසංස්කරණය සමගිනි.‍මෙය නැවත දියුණුවට ලක් වූ‍යේ ඉන් පසුව ය.

 කිරිදි ඔය

      මෙම ගඟ ආරම්භ වනුයේ බණ්ඩාරවෙල නගරයට නැගෙනහිර පිහිටි කදු ප්‍රදේශයෙනි.මෙම ගඟ මුහුදට වැටෙන්නේ කිරින්දෙනි.මෙහි දිග කි.මී. 117 කි.මෙම ගගෙන් ජලය ලබා ගෙන පෝෂණය වන වැව් කිහිපයක් ඇත. හඳපානගල වැව හා යෝද කණ්ඩිය වැව ඊට උදාහරණ වේ.කිරිඳි ගගෙන් වර්ග කි.මී. 1165 ක් පමණ ජලය සැපයේ.නමුත් ඉන් මුහුදට ගලා යන්නේ 16%ක් පමණි.මෙම ගඟ එකල රුහුණු ප්‍රදේශයට බොහෝ සෙයින් පිහිට  වී ඇත.

 ගිං ගඟ

    මෙම ගග ආරම්භ වන්නේ හොන්ගල නම් කඳු මුදු‍නෙනි.‍මෙය කි.මී. 113 ක දිගකින් සමන්විත ගඟකි.‍‍‍‍මෙය මුහුදට වැ‍ටෙන්‍‍නේ ගිංතොට ප්‍රදේශ‍‍‍යෙනි.ගිං ගඟ ආශ්‍රිත ව ‍බො‍හෝ ‍දේ සිදු කරනු ලබයි.‍මෙම ග‍ගේ ඉහළ ‍කොට‍සේ ‍තේ,රබර් හා කුරුඳු යන වගාවන් සිදු කරනු ලැ‍බේ.

මැණික් ගඟ

       මෙම ගඟ පිහිටා ඇත්‍තේ මෙරට පූජනීය ස්ථානයක් වූ කතරගම ප්‍ර‍දේශය අසලිනි.එම නිසා ‍මෙම ගඟ පූජනීයත්වයට පත් ව ඇත.‍මෙම ගඟ ආරම්භ වන්‍නේ ඌව පළා‍තේ කඳුවැටි වලිනි.‍‍මෙහි දිග කි.මී.114 කි.‍මෙය මුහුදට වැ‍‍ටෙන්නේ යාල ව‍නෝද්‍යාන‍‍යේ මුහුදක් අසලිනි.කතරගම ජූජා භූමියට පැමි‍නෙණ බැතිමතුන් ‍මෙම ගගෙන් නා‍ගෙන ජූජා භූමිය‍ට යයි.

කලා ඔය

      මෙම ගඟ ආරම්භ වනුයේ ගලේවෙල ප්‍රදේශයේ ඇති කඳු වලිනි. මෙම ගඟ මුහුදට බහින්නේ කල්පිටියේ ඕලන්ද බොක්ක නම් වූ ස්ථානයෙන් ය.මෙම ගගේ දිග කි.මී. 148 කි.මෙම ගගෙන් ජලය ලබා ගෙන බොහෝ වැව් පෝෂණය වී ඇත.ඉන් ප්‍රධාන තැනක් ගන්නේ මෙම ගගේ ද නමින් ම තියෙන කලා වැවයි.බදුලු වැව ද මෙම ඔයෙන් ජලය ලබා ගනී.එම වැව් වලට ද එකතු වීම නිසා මුහුදට ගලා යන්නේ මෙම ඔයේ ජලයෙන් 17% කපමණ ප්‍රමාණයකි.කල්පිටිව,රාජාංගනය බලංගොල්ලම ආදී ප්‍රදේශ මෙම ගගෙන් ජලය ලබා ගනී.

අඹන් ග

      මෙමඟ මාතලේ දිස්ත්‍රික්කයෙනි.මෙය මාතලේ නාලන්ද ප්‍රදේශයේ කදුවැටියකින් ආරම්භ වෙයි.මෙම ඟ මුහුදට වැටෙන්නේ මහවැලි ඟ සමඟ එකතු වීමෙනි.මෙම ඟ මහවැලි ඟට  එකතු වෙන්නේ මනම්පිටිය ප්‍රදේශයෙනි.මෙම ගගේ දිග කි.මී. 100 කි.මින්නේරිය ගගට ජලය සැපයෙන්නේ මෙම ගගෙනි.මෙම ගගේ ඉහත්තාවෙහි විවිධ වගාවන් සිදු කෙරේ.තේ ඉන් ප්‍රධාන තැනක් ගනී.රබර්,කොකෝවා වැනි දේ ද වගා කරනු ලබයි.එමෙන් ම ගගේ පහළ කොටසේ එළවළු වගාව සිදු කරනු ලැබේ.එමෙන් ම දුම්කොළ හා උක් වගා කරනු ලැබේ.

 මහ ඔය

       මෙම ඟ ආරම්භ වනුයේ කුරුණෑගල, මාතලේ,කෑගල්ල හා දොළොස්බාගේ ප්‍රදේශවල කදුවැටි වලින් එන ජල දහරාවන් එකතු වීමෙනි.මෙහි දිග කි.මී. 134 කි.මෙම ඟ මුහුදට එකතු වෙන්නේ මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයෙනි.මෙම ගගෙන් ආවරණය වන ප්‍රදේශය වර්ග කි.මී. 1024 වේ.මෙම ඔය ආශ්‍රිත ව අසුපිණි ඇල්ල නම් වූ දිය ඇල්ල නිර්මාණය වේ.මෙම ඟ ආශ්‍රිත ව හොලොම්බුව නම් ජලාශය ද ඉදි කර ඇත.මෙම ගගෙන් මෙරට බොහෝ ප්‍රදේශ වලට ජලය සැපයේ.කෑගල්ල,මාවනැල්ල,අරණායක, පොල්ගහවෙල,කොච්චිකඩේ හා තව බොහෝ තැන්වලට ජලය සැපයේ.මෙම ඟ ආශ්‍රිත ව විවිධ මානව කටයුතු සිදු වේ. මෙම ඟට ඉහළින් පිහිටා තිබෙන ප්‍රදේශයේ පොල් වගාව සිදු කෙරේ.එමෙන් ම වී වගාව හා රබර් වගාව ද සිදු කෙරේ.මෙම ගගේ පහළ කොටසෙහි ද විවිධ කටයුතු සිදු කෙරේ.ගඩොල් කර්මාන්තය උළු කර්මාන්තය ඉන් ප්‍රධාන තැනක් ගනී.දන්කොටුව,තඹරවිල,මැටිකොටුව වැනි ප්‍රදේශ ගඩොල් හා උළු කර්මාන්තයට ප්‍රසිද්ධ ප්‍රදේශයන් ය.

 හැඩ ඔය

      මෙම ඔය ආරම්භ වන්නේ මොණරාගල ප්‍රදේශයෙන් ය.මෙම ගඟ මුහුදට වැටෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි පොතුවිල් ප්‍රදේශයෙනි.පොතුවිල් නගරයෙන් මෙය අතුශාඛා දෙකකට බෙදේ.අතීතයේ මෙම ඔයේ නිමින ආශ්‍රිත ප්‍රදේශ හැදින්වූයේ දිගාමඩුල්ල නමිනි.අතීතයේ මෙම ස්ථානයෙහි වැවක් තිබූ බවට විශේෂඥයින් විශ්වාස කරයි.

 මල්වතු ඔය

     මෙම ඔය ආරම්භ වනුයේ වවුනියාව ආශ්‍රිත නැතහොත් වවුනියාවට දකුණින් හා නිරිත දෙසින් පිහිටි කඳු වලිනි.මෙය මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි සිලන්තුරෙයි නම් ස්ථානයෙන්මුහුදට වැටේ.වැටේ.මෙම ඔය අනුරාධපුර ප්‍රදේශය හරහා ගලා බසින බැවින් අනුරාධපුරය ප්‍රදේශයේ තිබෙන වැව් වලට මෙමඟින් ජලය සැපයේ.බසවක්කුලම වැව,නාච්චදූව වැව,නුවර වැව වැනි වැව් ඊට උදාහරණ ලෙස හැදින්විය හැක.

 කනගරායන් ආරු

    මෙම පිහිටා තිබෙන්නේ උතුරු පළාතේ ය.එම පළාතේ පිහිටි විශාලතම ගඟ මෙම ගඟ වේ.ආරු යනු දෙමළ වචනයකි.ආරු යන්නෙන් අදහස් කරන්නේ සිංහල වචනයෙන් ගඟ යන්නයි. මෙම ගගේ දිග කි.මී. 85 කි.මෙම ගඟ මුහුදට වැටෙන්නේ යාපනයේ පිහිටි යාපන කලපුවෙනි.මෙම ගඟ ආශ්‍රිත ව වසභ රජු විසින් ඉදි කරවූ ඉරණමඩු නම් වැව ඉදි වී ඇත.


 

                     

                                    නැරඹූ ඔබ සැමට ස්තූතියි!     

Comments

Post a Comment

Since - 2020

Knowledge Paradise

Knowledge Paradise
©_Knowledge Paradise_2020

Popular posts from this blog

අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද ඔබ දත් හා නොදත් ‍තොරතුරු (Information you know or may not know about space technology)

විවිධ දුර්ලභ ඛනිජ වර්ග සහ ඒවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රදේශ Various common and rare minerals and areas where they can be found in Sri Lanka