Translate

අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද ඔබ දත් හා නොදත් ‍තොරතුරු (Information you know or may not know about space technology)

අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද ඔබ දත් හා නොදත් ‍තොරතුරු (Information you know or may not know about space technology)  

Image From - https://www.orfonline.org/research/fresh-calls-for-space-security-governance-measures-unlikely-to-yield-results/


      පොළොවේ ජීවත් වූ මිනිසා අතීතයේ සිට ම අහස පිළිබද අධ්‍යනය කිරීමට යොමු විය.නමුත් එකල තාක්ෂණය දියුණු වී නොතිබූ නිසා මිනිසුන්ට අහස පිළිබද වැඩි තොරතුරු සෙවීමට නොහාකි වී තිබුණා.

 

අභ්‍යවකාශ පිළිබද හාදෑරීමට මිනිසා යොමු වීම

    දහ නව වන සියවසේ දී විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ප්‍රබල වෙනසකට හේතු වූයේ යුරෝපයේ සිදු වූ කාර්මික විප්ලවය යි.මිනිසා නව තාක්ෂණික අත්හදා බැලීම් සදහා යොමු විය.ඒ අනුව අභ්‍යාවකාශය පිළිබද අධ්‍යනය කරීම සදහා ද මිනිසා විවිධ තාක්ෂණික නිර්මාණය කිරීමට යොමු විය.එමගින් අභ්‍යාවකාශ තාක්ෂණය බිහි විය.දෙවන ලෝක යුද්ධයෙන් පසුව අභ්‍යවකාශ තාක්ෂණය අමෙරිකා එක්සත් ජනපදය,ජර්මනියහා සෝවියට් සමූහාණ්ඩුව මූක කොට ගෙන දියුණු වූ අතර,අභ්‍යවකාශ ගවේශණය පිලිබද ඔවුනොවුන් අතර තරගයක් පැවතිණි.

 

අභ්‍යාවකාශ තාක්ෂණයේ සොයා බැලීම්

    මිනිසා අභ්‍යවකාශය පිළිබද සොයා බැලීම සදහා විවිධ නිර්මාණ සිදු කර ඇත.රොකට් ඉන් එක නිර්මාණයකි.මෙමගින් මිනිසුන්ට අභ්‍යවකාශයට යාමට අවස්ථාය උදා වුණි.සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමය විසින් 1957 දී ‘ස්පුට්නික් 1 නම් චන්ද්‍රිකාවක් කක්ෂගත කරන ලදී.එය මිනිසා විසින් කක්ෂගත කරන ලද ප්‍රථම චන්ද්‍රිකාව යි.ඊට වසර හතරකට පසුව,එනම් 1961 දී ‘වොස්ටෝක් 1  යනුවෙන් නම් කෙරුණු යානයක් මිනිසෙකු අභ්‍යවකාශයට යවමින් විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තේ ය.එය මිනිසෙකු අභ්‍යවකාශයට ගිය පළමු අවස්ථාවයි.එසේ අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා ලෙස ගෞරවය හිමි වන්නේ යූරි ගගාරින්ට ය.එමෙන් ම 1969 දී සද මතට ප්‍රථම වරට මිනිසෙකු යවමින් ඇමෙරිකාව විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තේ ය.එසේ හදට ගියේ නීල් ආන්ස්ටෝම් ය.මෙය ද විශිෂ්ඨ ජයකි.

 

චන්ද්‍රිකා

    

Image From- https://www.theverge.com/2020/3/2/21162244/geely-satellite-network-autonomous-connected-cars-starlink

    චන්ද්‍රිකාවක් යනු අවකාශය තුළ වස්තුවක් වටා කක්ෂ ගත වී ඇති (ස්වාභාවික හෝ කෘත්‍රිම) තවත් වස්තුවකි.

     සූර්යයා වටා කක්ෂයක ගමන් කරන පෘථිවිය ද පෘථිවිය වටා කක්ෂයක ගමන් කරන චන්ද්‍රයා ද ස්වාභාවික චන්ද්‍රිකා වේ. වර්තමානයේ විවිධ අරමුණු සදහා කෘත්‍රිම ව චන්ද්‍රිකා නිර්මාණය කර තිබේ.ඒවා කෘත්‍රිම චන්ද්‍රිකා වේ.බොහෝ අභ්‍යවකාශ යෙදවුම් චන්ද්‍රිකා පද්ධති මූලික කොට ගෙන ඇත.

     තාක්ෂණික දෘෂ්ටිකෝණයේන් බලන කල අභ්‍යවකාශ තාක්ෂණ නියාලුම්,ප්‍රධාන විෂය පථ තුනක් ඔස්සේ දිවේ.

 1.   සන්නිවේදන චන්ද්‍රිකා පද්ධති (Communication Satellite Systems)

 2.   වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධති (Atmospheric and Earth Observation Satellite Systems)

 3.   ගෝලීය යාත්‍රණ චන්ද්‍රිකා පද්ධති (Global Navigation Satellite Systems)

 

සන්නිවේදන චන්ද්රිකා පද්ධති (Communication Satellite Systems)


    සන්නිවේදන චන්ද්‍රිකා පිළිබද මූලික අදහස ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා විසින් 1945 දී සගරාවක(Wireless World) පළ කරන ලද ලිපියක් මගින් ඉදිරිපත් කරන ලදි.පෘථිවියේ සමක තලය මත මධ්‍යයන මුහුදු මට්ටමට කිලෝමීටර 35 786 ක් දුරින් පිහිටි  කවාකාර කක්ෂයක එකිනෙකට අංශක 120 ක පරතරයක් සහිත ව ස්ථානගත කොට ඇති භූ ස්ථාවර චන්ද්‍රිකා (Geostationary Satellite) තුනක් මගින් මුළු පෘථිවිය ම ආවරණය කළ හැකි බව ඔහුගේ පිළිගැනීම විය.පෘථිවියේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට තොරතුරු සන්නිවේදනයට අතරමාදියන් ලෙස ක්‍රියා කිරීමට චන්ද්‍රිකාවලට හැකි ය.වර්තමානයේ ඉහළ අක්ෂාංශ ප්‍රදේශ ආවරණය කිරීම සදහා,ආනත ඉලිප්සාකාර කක්ෂවල ස්ථානගත කර ඇති භූසමමුහුර්ත (Geosynchronice) චන්ද්‍රිකා භාවිතා කෙරේ.

 

  •  අන්තර් මහද්වීප,අන්තර් දේශ සීමා සහ ස්වදේශික දුරකථන,ගුවන් විදුලි,රූපවාහිනී හා අන්තර්ජාල සන්නිවේදන කටයුතු සදහා
  • ගෝලීය සමුද්‍රීය සන්නිවේදන කටයුතු සදහා

මෙම චන්ද්‍රිකා පද්ධති යොදා ගනු ලැබේ.

 

වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්රිකා පද්ධති (Atmospheric and Earth Observation Satellite Systems)

 

මෙම චන්ද්‍රකා‍ පද්ධතීන්ගේ අරමුණ වනුයේ,

     පෘථිවිය මත හෝ ඊට ආසන්නව පවතින වස්තූන්ගේ හා සංසිද්ධීන්‍ගේ තොරතුරු අභ්‍යවකාශයේ සිට අන්වේක්ෂණය (Investigation) කිරීම යි.

    චන්ද්‍රිකා විසින් තම සංවේදක(Sensors) මාර්ගයෙන් ග්‍රහණය කර ගනු ලබන පෘථිවි පරාවර්තිත හෝ විමෝචිත විද්‍යුත් චුම්බක තරංග,පිළිබිඹු (Images) වශයෙන් ගබඩා කරගනු ලැබේ.මෙම පිළිබිඹු,මූලික පෙර සැකසුමකට අනුව විවිධ වූ ‍තොරතුරු උකහා ගැනීමේ ක්‍රමවේදවලට යටත් කෙරේ.මෙසේ වස්තුව හෝ සංසිද්ධිය භෞතිකව ස්පර්ශ නොකර  ‍තොරතුරු ලබා ගැනීම දූරස්ථ ග්‍රහන ගෝචර (Remote Sensing) ලෙස හැදින් වේ.එය ආකාර දෙකකි.

 ·       සක්‍රීය දුරස්ථ ග්‍රහණ ගෝචර

·       අක්‍රීය දුරස්ථ ග්‍රහණ ගෝචර

 සක්‍රීය දුරස්ථ ග්‍රහණ ගෝචර

       මෙහි දී සංවේදකය සහිත චන්ද්‍රිකාවට සවි කර ඇති විමෝචකයකින් නිකුත් කෙරෙන විද්‍යුත් චුම්බක තරංග මාර්ගයෙන් දීප්තනය කෙරෙන වස්තුව මඟින් පරාවර්තිත ප්‍රතිප්‍රකිරණය නැවත සංවේදකය විසින් ග්‍රහණය කරනු ලැබේ.


අක්‍රීය දුරස්ථ ග්‍රහණ ගෝචර

     මෙහි දී වස්තුව දීප්තනය කරනු ලබන ප්‍රභවය සංවේදකය සවි කර ඇති චන්ද්‍රකාවෙන් පරිබාහිර වේ.එනම් සූර්යයා හෝ වෙනත් ප්‍රභවයක් වේ.එමඟින් ප්‍රතිදීප්තනය වන වස්තුව මඟින් පරාවර්තනය හෝ විමෝචනය කරනු ලබන කිරණ,සංවේදක මඟින් ග්‍රහණය කර පිළිබිඹු ලෙස ගබඩා කර ගනු ලැබේ.

 

වායුගෝලීය හා පෘථිවි සමීක්ෂණ චන්ද්‍රිකා පද්ධතියේ යෙදවුම්

 ·       කෘෂි වගාවන්හි ගුණාත්මක බව නිර්ණය හා අස්වැන්න අනුමාන කිරීම.

·       නියඟ,ගංවතුර හා නාය යෑම් ආදී ආපදා තත්ත්ව හදුනා ගැනීම.

·       කාලගුණ හා දේශගුණ තත්ත්ව අධ්‍යයනය

·       සාගර ආශ්‍රිත කටයුතු පාලනය.

·       භූමියේ විවිධ සිතියම් නිර්මාණය.

 

ගෝලීය යාත්‍රණ චන්ද්‍රිකා පද්ධති (Global Navigation Satellite

Systems)


    යාත්‍රණය යනු යම් ස්ථානයක සිට තවත් ස්ථානයක් සොයා යෑමේ ක්‍රමවේදයකි.ඒ සදහා අනවරත ස්ථාන ගත කිරීම් ද නිවැරදි ව මනිනු ලබන ප්‍රවේග හා කාලය ද අවශ්‍ය වේ.යාත්‍රණ ක්‍රියාවලිය සදහා චන්ද්‍රිකා භාවිතයේ දී, දන්නා ස්ථාන වනුයේ කක්ෂවල ගමන් කරන චන්ද්‍රිකා වල පිහිටීමයි.මෙහිදී භාවිත වන සිද්ධාන්තය වනුයේ ත්‍රයනංශනය යි.එනම් චන්ද්‍රිකාවල සිට පිහිටීම නිර්ණය කිරීමට අවශ්‍ය පෘථිවි ස්ථානයට දුර මැනෙන අතර,එම දුරවල් ප්‍රතිච්ඡේදනයෙන් අවශ්‍ය  පිහිටීම අක්ෂාංශ,දේශාංශ හා උන්නතාංශ වශයෙන් ගණනය කරනු ලැබේ.මේ සදහා අවම වශයෙන් නිවැරදි ජ්‍යාමිතික පිහිටීමේ ස්ථානගත චන්ද්‍රිකා හතරක්වත් අදාළ ස්ථානයේ ඇති ප්‍රතිඝ්‍රිහකයකට සම්බන්ධ විය යුතු යි.

 

   මේ සංකල්පය මුලින් හදුන්වා දෙන ලද්දේ සෝවිවට් සමූහාණ්ඩුව වුව ද පළමු යාත්‍රණ චන්ද්‍රකා පද්ධතිය ස්ථාපිත කරනු ලැබුවේ එක්සත් ජනපදය විසිනි.වර්තමානයේ ගෝලීය පද්ධතියක් වශයෙන් ක්‍රියාත්මක වන ගොලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS - Global Positioning System) එහි ක්‍රමික දියුණුවකි.එය සමක තලය සමග අංශක 55 ක ආනතියකින් යුක්ත ව එකිකනකට වෙනස් වූ දිශාභිමුඛ සහිත කක්ෂ හයක එකක හතැ බැගින් අවම චන්ද්‍රිකා 24 කින් පිහිටනු ලැබූ පද්ධතියකි.එමෙන් ම එය ඕනෑ ම කාලගුණ තත්ත්වයක් යටතේ ඕනැ ම වෙලාවක දී ඕනෑ ම භූගෝලීය පිහිටීමක දී මනා ජ්‍යාමිතික පිහිටීමකින් යුතුව අවම චන්ද්‍රිකා 4 ක් හෝ ඊට වැඩි ගණනක් දර්ශනය වන සැකසුමකි.

 

ගෝලීය යාත්‍රන චන්ද්‍රිකා පද්ධතියේ යෙදවුම්

 ·       කක්ෂගත කරන ලද අනෙකුත් චන්ද්‍රිකා අධීක්ෂණය.

·       මුහුදු,ගොඩබ්ම් හා ගුවන් නියාමනය.

·       අන්තර්ජාල  ගනුදෙනු නියාමනය.

·       මැනුම් හා සිතියම් නිර්මාණය.

 

අභ්‍යවකාශය පිළිබ ද ඉගෙනීමට බොහෝ කරුණු ඇත.ඉහත දක්වා ඇත්තේ එම කරුණු වලින් කිහිපයක් පමණි. 


මූලාශය - සිංහල පෙල පොත (9 වසර)   ශ්‍රී ලංකාව

Comments

Since - 2020

Knowledge Paradise

Knowledge Paradise
©_Knowledge Paradise_2020

Popular posts from this blog

ශ්‍රි ලංකා‍වේ ගංගා වල ‍තොරතුරු

විවිධ දුර්ලභ ඛනිජ වර්ග සහ ඒවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රදේශ Various common and rare minerals and areas where they can be found in Sri Lanka