Translate

ශ්‍රී ලංකාවේ පවතින කාලගුණය හා දේශගුණය Weather and Climate of Sri Lanka

ශ්‍රී ලංකාවේ කාලගුණය හා දේශගුණය(Weather and Climate of Sri Lanka)

                             


    ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය නි‍වර්තන දේශගුණයක් සහිත රටකි.අධික වර්ෂා පතනය හා තද වියළි කාළගුණයද ශ්‍රී ලංකාවේ ඇත.ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ සමකයට ආසන්නවය.එම නිසා ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය රටක් ලෙස හැදින්වේ.ශ්‍රී ලංකාවට මෝසම් සුළං බලපායි.

1.නිරිත දිග මෝසම

2.ඊසාන දිග මෝසම

                                  යන ඒවා මෙරටට ඇද හැලෙන මෝසම් සුළං වේ.

    ශ්‍රී ලංකාවට මෝසම් සුලං ඇද හැලෙන්නේ.මැයි සිට සැප්තැම්බර් මාස දෙක අතර කාලයේ දීය.ඊසාන දිග මෝසම් සුළං ඇද හැලෙන්නේ දෙසැම්බර් සිට ‍පෙබරවාරි යන මාස දෙක අතර කාලයේදී ය.

01.මෝසම් සුළං  

  • නිරිත දිග මෝසම  - මැයි සිට සැප්තැම්බර්  දක්වා කාලය                                                                 
  • ඊසාන දිග මෝසම -දෙසැම්බර් සිට  පෙබරවාරි දක්වා කාලය

02.සංවාහන වර්ෂාව  -මුළු අවුරුද්ද පුරාවටම                                                                   

                                                                                        

03.වාසුළි  -නොවැම්බර් දෙසැම්බර් කාලයේදී        

                                   

01.මෝසම් සුළං

නිරිත දිග මෝසම

                                                                                             

    ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් ඉන්දියන් සාගරය හරහා මෙම සුළඟ හමා එයි.ජල වාෂ්ප සහිත සුළං මධ්‍යම කදුකරයේ හැපී ඉහළ ගොස් ශ්‍රී ලංකාවේ නිරිත හා බ‍ටහිර ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලබා දේ.මෙම සුළං මගින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේවලට හා උතුරු ප්‍රදේශවලට වර්ෂාව ඇති නොවේ.මෙම සුළං වියළි සුළං ලෙස එම ප්‍රදේශ හරහා යාම ඊට හේතුව ලෙස සැලකේ.‍මෙය මඩකලපුව ප්‍රදේශයේ කච්චාන් නමින් හැදින්වේ.

ඊසාන දිග මෝසම

    ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් හමන නිසා මෙම සුළං ඊසාන දිග මෝසම් ලෙස හැදින් වේ.ඉන්දියාවේ සිට බෙංගාල බොක්ක වැනි කුඩා ජලතල ප්‍රදේශයක් හරහා හමා එන සුළගක් නිසා අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය අඩු ය.මෙම වර්ෂාව නිසා නිරිත දිග මෝසම් වලින් තරම් වැසි නොලැබේ.නමුත් නැගෙනහිර ප්‍රදේවලට හා උතුරු ප්‍රදේශවලට වර්ෂාව ඇති වේ.

 02.සංවහන වර්ෂාව

      ශ්‍රී ලංකාව සමක ආසන්න ව තිබී ම නිසා අවුරුද්ද මුළුල්ලේ ම සංවහන වර්ෂාව බලපැවැත් වේ. මෝසම් හා වාසුළි වැනි ක්‍රියාවලින් නිසා ඇතැම් විට මෙම ක්‍රියාවලිය යටපත් වෙයි.

 01.මාර්තු,අප්‍රේල් මාසවල ක්‍රියාත්මක වන පළමු අන්තර් මෝසම් කාලය.

 02.ඔක්තේම්බර්,නොවැම්බර් මාසවල ක්‍රියාත්මක වන  දෙවන අන්තර් මෝසම් කාලය.

 ලෙස ශ්‍රී ලංකාවේ සංවහන ක්‍රියාවලියේ කැපී පෙනෙන අවස්ථා දෙකකි.

      ශ්‍රී ලංකාව සමකය ආසන්න රටකි. එම නිසා මුළු අවුරුද්ද පුරාවටම අධික සූර්යයාලෝකයක් පවතී.අප්‍රේ‍ල් හා දෙසැම්බර් යන මාස වල දී ශ්‍රී ලංකාවට හිරු මුදුන් වෙයි.එබැවින් පොළොව ආසන්නයේ වායුව රත් වී ඉහළ නගී ඒවා සංවහන වායු ධාරා ලෙස හැදින්වේ.වායුව ඉහළ ගොස් ඉන්පසු සිසිල් වී එහි ඇති ජලවාෂ්ප ඝනීභවනය වී වලාකුළු සෑදේ.ඉන්පසු ඒවායෙන් වර්ෂාව හට ගනී.මෙම වර්ෂාව හවස් කාලයේ දී ලැබේ.උදය කාලයේ දී අහස පැහැදිලි ව පෙනේ.දහවල් කාලයේ දී වැසි ලැබීමට අහස සැරසී සිටී.මේවා අසිනි වැසි,සවස් කල වැසි, අකුණු කුණාටු වැසි ලෙස ද හැදින් වේ.

 03.වාසුළි වර්ෂාව

     ශ්‍රී ලංකාවට බලපාන වාසුළි වැඩි වශයෙන් ඇති වන්නේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ය.නොවැම්බර් දෙසැම්බර් කාලවලදී වාසුළි ප්‍රබලව ක්‍රියාත්මක වේ.නමුත් මේවා වසරේ ඕනෑ ම කාලයක දී ක්‍රියාත්මක විය හැක. ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට වාසුළිවලින් වැඩි වැසි ලැබේ. රට පුරා ම විශාල ප්‍රදේශයකට, වාසුළි ලැබෙන බොහෝ අවස්ථාවල දී වර්ෂාව ලැබේ.මෝසම් සුළි ඇති වන කාලවලදී ද මෙය ක්‍රියාත්මක විය හැකි ය.ඒ අවස්ථාවලදී අධික වර්ෂාවක් ලැබේ.එමෙන් ම ජල ගැලීම ද ඇති වේ.සුළගේ තීව්‍රතාව අනුව වායු කැළඹීම නමින් මෙය හදුන්වයි.                                     

Comments

Since - 2020

Knowledge Paradise

Knowledge Paradise
©_Knowledge Paradise_2020

Popular posts from this blog

ශ්‍රි ලංකා‍වේ ගංගා වල ‍තොරතුරු

අභ්‍යවකාශ තාක්ෂණය පිළිබද ඔබ දත් හා නොදත් ‍තොරතුරු (Information you know or may not know about space technology)

විවිධ දුර්ලභ ඛනිජ වර්ග සහ ඒවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රදේශ Various common and rare minerals and areas where they can be found in Sri Lanka